Local

විශ්වවිද්‍යාලවල හිංසන නැවතීමට ක්‍රමවේදයක් සකසන්න

Friday, 04 July 2025 - 10:49 am

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන සියලු ආකාරයේ හිංසනයන් නතර කිරීමට කෙටි හා දිගු කාලීනව ක්‍රමවේද සහ යන්ත්‍රණ සකස් කරන ලෙස අගමැති, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

උසස් අධ්‍යාපන ආයතනවල නවකවදය, හිංසනය හා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීම සඳහා වන ජාතික කාර්ය සාධක බළකායේ සාමාජිකයන් සහ අගමැතිවරිය අතර පෙරේදා (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවේ දී අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

නීතිමය ක්‍රියාමාර්ගවලින් පමණක් මෙය අවසන් කළ නොහැකි බැවින් පවතින නීති යාවත්කාලීන කළ යුතු බවත් විශ්වවිද්‍යාල තුළ ආකල්ප සංවර්ධන වැඩසටහන් වැනි දේ සංවිධානය කළ යුතු බවත් අගමැතිනිය පැවසුවා ය.

විශ්වවිද්‍යාල පද්ධතියේ සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවක වදය, හිංසනය හා සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැලැක්වීමට අවශ්‍ය නිර්දේශ සහ කටයුතු සම්පාදනය කරන ලෙස අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය එම ජාතික කාර්ය සාධක බළකායට දැනුම් දුන්නාය.

විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම උසස් අධ්‍යාපන ආයතන තුළ ශිෂ්‍යයන්ගෙන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් සිදු වන සියලු ආකාරයේ හිංසනයන් සොයා බැලීමට සහ ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට වසර 3ක් සඳහා පත් කර ඇති මෙම කාර්ය සාධක බළකායට අවශ්‍ය බලය සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවත් අගමැතිවරිය කියා සිටියාය. මෙවැනි හිංසනකාරී සිදුවීම් සඳහා පුද්ගලික වශයෙන් මෙන්ම සාමාජයීය වශයෙන් බලපාන හේතු පවතින බව මෙහි දී කාර්ය සාධක බළකායේ නියෝජිතයින් පෙන්වා දුන් අතර අධ්‍යාපන පරිපාලනය, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙන්ම සිසුන් අතර නිසි සබඳතාවක් ගොඩනැ‍ඟී නොතිබීම, නවකවදය පිළිබඳ සිසුන් තුළ පවතින වැරදි ආකල්ප, අවනත කරගැනීම සහ ගෞරවය ලබා ගැනීම සඳහා හිංසනය භාවිත කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහි දී නියෝජිතයන් විසින් පැහැළිදි කළහ. විශ්වවිද්‍යාල පද්ධතියේ සිසුන්ට ලකුණු ලබා දීමේ දී සහ පන්ති සාමර්ථ ලබා දීමේ දී පරිපාලනය සහ ආචාර්යවරුන් සිසුන් සඳහා සිදු කරන බලපෑම් නිසා සිසුන් ආතතියට පත්වීම වැනි කරුණු පිළිබඳ ද මෙහි දී අවධානය යොමු විය.

විවිධ ආකාරයේ හිංසනයන්ට ලක්වන සිසුන් කෙරෙහි අවධානය යොමුකිරීම මෙන්ම, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවැසීය.


Top Stories
wedivistara

රජයේ හිඟ වියදම් සම්බන්ධයෙන් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් IMF අවධානයට

wedivistara

වන අලි ප්‍රහාරයකට ලක්වී පුද්ගලයෙක් මරුට

wedivistara

මාස 06ක් තුළ රේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

wedivistara

පහේ ශිෂ්‍යත්ව ගුරුවරියගෙන් පහර කෑ තරුණයාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

wedivistara

ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද, මෙරට මහා පරිමාණ මුදල් වංචාවන්ට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

wedivistara

විශ්වවිද්‍යාලවල හිංසන නැවතීමට ක්‍රමවේදයක් සකසන්න

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT