පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දුගෙන් පහර කෑ බව කියන තරුණයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව, අදාළ ගුරුවරිය විසින් කළ පැමිණිල්ලකට අනුව තමන්ව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම තුළින් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අදාළ තරුණයා මෙම පෙත්සම යොමුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
එහි වගඋත්තරකරුවන් ලෙස කටාන පොලීසියේ පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
ඉකුත් මැයි 06 වැනිදා තම සේවා ස්ථානයට පැමිණි හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය Facebook හි පළකර තිබුණු පළකිරීමක් පිළිබඳ විමසමින් තමාට පයින් පහර දුන් බවත්, ඉන්පසුව තවත් පිරිසක් සමග එක්ව අමානුෂික ආකාරයෙන් තමාට පහර දුන් බවයි පෙත්සම්කරු චෝදනා කරන්නේ.