Business

දුම්රිය ස්ථාන නවීකරණයට ෆැෂන් බග් අනුග්‍රාහකත්වය

Friday, 30 May 2025 - 8:54 pm

කොළඹ, කොටුව දුම්රිය ස්ථානය නවීකරණය සඳහා අනුග්‍රාහකත්වය මෙරට ප්‍රමුඛතම විලාසිතා සන්නාමය වන ෆැෂන් බග් ආයතනය මෙවරත් ලබා දී තිබේ. කොළඹ, කොටුව දුම්රිය ස්ථානය නවීකරණය 2013 වසරේ සිටම ක්‍රියාත්මක වෙන්නේ ෆැෂන් බග්හි ආයතනික සමාජ සත්කාරයක් (CSR) ලෙසයි. මේ අනුව මගීන් දහස් ගණනක් උදෙසා එදිනෙදා අපහසුතාවන් ඉවත් කරමින් පැහැදිලි කාලසටහන්, වේදිකා අංක හා මඟපෙන්වී‍ෙම් පුවරු මෙන්ම සංඥා පුවරු නවීකරණය කර නැවත ස්ථාපිතකොට තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ෆැෂන් බග් හි අධ්‍යක්ෂ ෂඛීර් සුබියන් මහතා පැවසුවේ ‘අපි මේ කාර්යයන් ආරම්භ කළේ 2013දීයි. මේ වසරේ රජයේ ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ දුම්රිය ස්ථාන නවීකරණයේ ඉදිරි කාර්යයන් සඳහා සම්බන්ධ වීමට ලැබීම අප ලත් වරප්‍රසාදයක් ලෙසයි සලකන්නේ. අප විසින් මූලිකම වටිනාකමක් ලෙස සලකන සමාජ සත්කාර ක්‍රියාවන්, රජයේ දැක්ම හා සමපාත කිරීමට හැකියාව ලැබීමක් ලෙසයි අපි මෙය දකින්නේ’ යනුවෙන් ඔහු සඳහන් කළේය.

නවීකරණය කළ දුම්රිය ස්ථාන භාරදීමේ උත්සවය, ෆැෂන් බග් සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සිදුවිණි. ඒ සඳහා සහකාර සාමාන්‍යාධිකාරි මෙහෙයුම් වී, එස්. පොල්වත්තගේ, නියෝජ්‍ය අධිකාරි (විකුණුම් සහ අලෙවිකරණ) ඩබ්ලිව්. එස්. චන්දන හා දුම්රිය ස්ථානාධිපති අධිකාරි එස්. එම්. එල්. සිරිවර්ධන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානාධිපති බී, එස්. පී. මෙන්ඩිස් යන මහත්වරු ද ඇතුළත් වූහ. ෆැෂන් බග් වසර ගණනාවක් පුරා අගනුවර රෝහල් වාට්ටු ප්‍රතිසංස්කරණය ඇතුළු ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් බොහොමයක් සඳහා ක්‍රියාකාරීව දායක වී තිබේ. කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණය කරන ලද සංඥා පුවරු සවිකිරීම වැනි ව්‍යාපෘති සඳහා සමාගම අඛණ්ඩව දායක වීමෙන් මෙම උත්සාහයන් තවදුරටත් වර්ධනය විය.

 
 
 
 


Top Stories
wedivistara

මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

wedivistara

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අගමැතිනියගේ සහභාගිත්වයෙන් සමරයි

wedivistara

ගවයකු බැඳි ලණුවක පැටලී මීටර් 800ක් දුර ඇදී ගොස් තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට

wedivistara

ප්‍රදේශ කිහිපයකට තද වැසි

wedivistara

වෛද්‍යවරුන් වර්ජන සුදානමක

wedivistara

අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි

Trending
wedivistara

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

අනුරාධපුරයට පැමිණෙන ඔබට APP එකක්

wedivistara

ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

wedivistara

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ

wedivistara

පොසොන් දින පණිවුඩ


NEWS ALERT