Business

ජූලි අවසානයේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.7ට නගී

Tuesday, 03 September 2024 - 12:38 pm

ඉකුත් ජූලි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය වසරේ (2023) දෙසැම්බර් අග වනවිට පැවැති විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4ක් වූ අතර මේ අනුව මේ වසරේ (2024) පළමු මාස හතේදී මුළු විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3කින් වර්ධනය වී ඇත.

මෙයට චීන මහජන බැංකුවෙන් ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වන විදේශ විනිමය හුවමාරු පහසුකම් ද ඇතුළත් වේ. මේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක මුළු විදේශ සංචිත ප්‍රමාණය මඟින් ආවරණය කළ හැකි ආනයන ප්‍රමාණය ආනයනික මාස 3.8ක් පමණ වන බවද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

ඉකුත් ජූලි මාසයේදී මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 121ක ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීමක් සිදුකර ඇති බවද එහි සඳහන් වේ.


Top Stories
wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට

wedivistara

රුපියල් කෝටි 02 ක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT