Local

අපේ පාලන කාලය තුළ උතුරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදා ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරනවා - ජනපති

Sunday, 27 April 2025 - 6:57 pm

රට යළි බෙදීමට හෝ ගැටුම් ඇති කිරීමට කිසිඳු ඉඩක් ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රාජ්‍ය සේවයට අලුතින් 30,000 ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් එයින් අලුතින් ගන්නා 2000 තුළින් 500 ක දෙමළ කතා කරන පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවයි මන්නාරම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

ක්‍රීඩාව තුළ රට එක්විය යුතු බවත් සිය පාලනය කාලය තුළ උතුරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදා ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරන බවත් එය නැරඹීමට සිංහල, දෙමළ, මුස්ලිම්  සියලු ජනයා එකතුවී ලංකා කණ්ඩායම දිනවීමට අත්පුඩි ගසන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එසේම ඔක්තෝබර් මාසයේ ‍සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජාතියක්ම එක්වී ජාතික උත්සවය සැමරිය යුතු බවයි  ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT