Local

ඉතිහාසය වෙනස් කළ යුද හමුදාපතිගේ ගුවන් පිම්ම

Wednesday, 24 January 2024 - 8:57 pm

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඓතිහාසික පිම්මක් පනිමින් පැරෂුට් හමුදා භටයකු ලෙස සිය අභීත බව විදහා දැක්වීය.

දෙස් විදෙස් නිලධාරීන් හා සෙබලු කණ්ඩායමක්ද, සමගින් ඔහු එම හපන්කම පෙන්වූයේ පැරෂුට් ඉතිහාසයට නව පරිඡ්චේදයක් ඒක් කරමිනි.

ඌව කුඩා ඔය කොමාන්ඩෝ පුහුණු පාසලේ පැරෂුට් පුහුණු අංශය තුලදී සිදුකල පැරෂුට් පැනීම සදහා අවශ්‍ය මුලික ශිල්පයන් ප්‍රගුණ කිරිමෙන් අනතුරුව උහන ගුවන් හමුදා කඳවුරෙහි පැරෂුට් පතිත කලාපයේදී ඔහු එම පිම්ම සිදු කරන ලද්දේ පසුගිය සදුදා(22)‌ මාලදිවයින් නිලධාරීන් තිදෙනෙක් හා සෙබලු 15 දෙනෙක්, යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති ඇතුළු කොමාන්ඩෝ සෙබලු 13 දෙනෙක් ද සමගිනි.

යුද හමුදාව තුළ පැරෂුට් පැනීම් කොතෙකුත් සිදුවුවද, මෙම අවස්ථාව සටහන් වනුයේ ‌ඓතිහාසික වූත් අසමසමවූත් එකක් ලෙසය.



විශේෂයෙන්ම ප්‍රථම වතාවට යුද හමුදාපතිවරයකු ලෙසද, යුද හමුදාව තුල වයසින් ජ්‍යෙෂ්ඨතම නිලධාරීයා ලෙසද, එම දුෂ්කර පුහුණුවද සාර්ථකව සිදුකර ඔහු මෙම පැරෂුට් පැනීමට එක්වීම ඉතිහාසගත ක්‍රියාවකි. එසේම එය මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ පවා එවන් හපන්කමක් සිදුකල ප්‍රථම හා එකම අවස්ථාව වීමටද, බොහෝ සෙයින් ඉඩ ඇත.

යුද හමුදාපති මෙම සුවිශේෂි පිම්ම හරහා සිය නිර්භීත බවත් වයස හො තනතුර නොසලකා ඉලක්ක ජය ගැනීමට ඇති කැපවීමත් මනාව ප්‍රකට කළේය. ඒ හරහා යුද හමුදාවේ වත්මන් තරුණ පරපුරටද ඔහු ලබා දී ඇති ආදර්ශය අතිමහත්ය. එදා මෙදා තුර ගුවන ජයගත් අසහාය පැරෂුට් භටයින්ගේ නාමාවලියට මෙතැන්පටන් වත්මන් යුද හමුදාපතිගේ නාමයද එකතු වන්නේ එය තවත් එක් පැරෂුට් පැනීමක් ලෙස නොව එම ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT