Tech

iphone මීළඟ පෙරළිය 2026 වසරේ වෙළඳපොළට

Wednesday, 31 July 2024 - 2:20 pm

Apple සමාගම සිය ප්‍රථම නැමිය හැකි (foldable) iphoneයක් 2026 වසරේ වෙළඳපොළට හදුන්වාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. මේ වනවිට වෙලඳපොලේ ජනප්‍රියම දුරකතන සන්නාමයක් වන iphone සිය මීළඟ පෙරලිය ලෙස Foldable මාදිලියේ දුරකතනයක් එලිදැක්වීමට යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නවතම වාර්තා උපුටා දක්වමින් වැඩිදුරටත් සඳහන් වන්නේ Apple හි මෙම නැමිය හැකි වරගෙයේ iPhone යේ අදහස බොහෝ සෙයින් ඉදිරියට ගොස් ඇති බවත්, ඒ සඳහා සංරචක සෑදීමට apple සමාගම විසින් ආසියානු කලාපයේ සැපයුම්කාර සමාගම් සමග කටයුතු කරගෙන යන බවයි.
එමෙන්ම මෙය Samsung Galaxy Z Flip හෝ පැරණි clamshell flip දුරකථනයක් මෙන් එහි පළල හරහා නැමෙනු ඇතැයි වැඩිදුර තොරතුරු සදහන් වන්නේ.
මෙම දුරකතනය 2026 වසරේ වෙලදපොළට පැමිණිය හොත් ඒ Samsung සමාගමේ Foldable දුරකතනයක් එළිදක්වා වසර 7 කින් පසුව වීමත් විශේෂත්වයක්.
කෙසේ නමුත් මේ වසරේ එලිදැක්වීමට නියමිත iphone 16 පෙලගැස්ම සඳහා AI විශේෂාංග සහ නව කැමරා කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, පසුව 2025 වසරේ iPhone 17 පෙළගැස්ම සඳහා මෙතක් කල් පැවති iphone plus මාදිලිය වෙනුවට අතිශය තුනී iPhone “Slim” හඳුන්වා දීමට යන බවටද තොරතුරු වාර්තා වෙනවා.
මීට අමතරව, Apple සමාගම විසින් මෙම වසරේදී ඔවුන්ගේ පලමු VR Headset එක වන Apple Vision Pro වෙලඳපොලට නිකුත් කර තිබෙනවා.
මේ වසරරේ මැයි මාසයේදී ලබාගත් Counterpoint Research වාර්තාවන්ට අනුව ගෝලීය නැමිය හැකි ස්මාර්ට්ෆෝන් වෙළඳපොළ පළමු කාර්තුවේදී 49% කින් වර්ධනය වී ඇති බව සඳහන්.
මේ තත්ත්වය නිසා 2026 වසර වන විට Apple සමාගමට සිය foldable දුරකතනය සැලකිය යුතු ලෙස ස්ථාපිත වෙළඳපොළකට ඇතුළු කල හැකි වීම ඔවුන්ට වඩාත් වාසිදායක වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර සිටින්නේ.


Top Stories
wedivistara

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

wedivistara

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

wedivistara

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

wedivistara

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

රන් මිල පහළට


NEWS ALERT