Local

රුක්මන් සේනානායකගේ අවසන් කටයුතු අද

Monday, 26 August 2024 - 8:17 am

මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ මුනුපුරෙකු වූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකුද වන හිටපු ඇමැති රුක්මන් සේනානායක මහතා පෙරේදා (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 1948 ජුනි 21 වැනි දින උපත ලැබූ රුක්මන් සේනානායක මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

1973 වර්ෂයේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඉන් අනතුරුව 2004 වසර දක්වා කාලය තුළ අවස්ථා කීපයකදීම ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන ලදි.

සේනානායක මහතා 2001 වසරේ දී එක්සත් ජාතික පෙරමුණු රජයේ පරිසර ඇමැතිවරයා ලෙසද කටයුතු කළ අතර 2007 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිධුරයටද පත්විය.

රුක්මන් සේනානායක මහතා මිය යන විට 76 හැවිරිදි වියේ පසු වූ අතර ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරු 4.00ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.


Top Stories
wedivistara

0.55% කින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි

wedivistara

රාගම බටුවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

තෝරු, මෝරු, නිල් තල්මස්සු වගේ අය තමා අපි අත්අඩංගුවට ගන්නේ - බිමල් රත්නායක

wedivistara

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT