Local

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

Thursday, 03 July 2025 - 5:41 pm

Ali Express වැනි සේවාවලින් මෙරටට භාණ්ඩ ගෙන්වීම නතර කිරීමක් සිදුකර නොමැති බව අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පවසනවා.

ඒ අනුව, මේ වන විට සිදුකර ඇත්තේ ගාස්තු වැඩි කිරීමක් නොව නිවැරදි ගාස්තුව අය කිරීම බවයි ‘BBC සිංහල’ වෙත අදහස් දක්වමින් අතිරේක රේගු අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබෙන්නේ.

මීට පෙර පැවති ක්‍රමය අනුව බදු අය කිරීමක් සිදු කළද, වටිනාකම අනුව බදු අය කිරීමක් සිදු නොකළ බවත්, එය වැරදි ආකාරයට භාවිතා වන බවට පෙනී යාම හේතුවෙන් මෙම පියවර ගත් බවයි ඔහු සඳහන් කළේ.

නව ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කර, මාස එක හමාරකට පෙර දැනුම් දීමෙන් අනතුරුව භාණ්ඩ සඳහා ගෙවන නව ක්‍රමවේදය හඳුන්වාදුන් බවත්, ගෙන්වන භාණ්ඩවලට නිවැරදි බද්ද ගෙවා භාණ්ඩ රැගෙන යා හැකි බවයි අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT