Local

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

Thursday, 03 July 2025 - 5:27 pm

වර්තමානය වනවිට සීගිරිය අවට දිනෙන් දින ඉදිවන අනවසර ඉදිකිරීම් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් සීගිරිය ඉවතට විසිකිරීමේ අවදානමක් මතුකර ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.

සීගිරිය අතීතයේ සිට වර්තමානය දක්වාම ලංකාද්වීපයේ අසිරිය ලෝකයට කියාපාන දැවැන්ත සංකේතයකි. ක්‍රි.ව. 05 වන ශතවර්ෂයේදී කාශ්‍යප රජු විසින් රාජධානියක් සහ සැලසුම් සහගත නගරයක් බවට පත්කළ සීගිරි පර්වතයේ වාස්තු විද්‍යාත්මක හා ගෘහ නිර්මාණ ශිල්පීය සැකසුම් සහ බිතුසිතුවම් ලෝකයේම අවධානය දිනාගනු ලැබීය.

1982 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් බවට සීගිරිය ප්‍රකාශ කරන ලද්දේ අතිවිශාල දෙස් විදෙස් ආකර්ශනයක් හිමිකර දෙමින්ය. නමුත් වර්තමානය වනවිට සීගිරිය අවට දිනෙන් දින ඉදිවන අනවසර ඉදිකිරීම් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් සීගිරිය ඉවතට විසිකිරීමේ අවදානමක් මතුකර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

“මෙම අනවසර ඉදිකි‍රීම් මෙවැනි සංවේදී තැන්වල සිදුවෙලා තියෙන්නේ පසුගිය රජයන් මේ වෙනුවෙන් කටයුතු කළ විදිහ සහ අවසරදීමේ පිළිවෙලක් නැති නිසා. සීගිරියේ පර්වතයේ ඉඳලා 200 සීමාව සහ යාර 400 සීමාව කියන කොටස ඇතුළේ අනවසර ඉදිකිරීම් 124ක් තියෙනවා. ඒවා ඉවත් කරන්න අවශ්‍ය කටයුතු අපි දැන් දියත් කරලා තියෙනවා. ආයතන 15 එකතු කරලා අන්තර් ආයතනික කමිටුවක් හදලා තියෙනවා. රජය මේ අයව ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රාමාණික වැඩපිළිවෙලක් හදලා”යැයි සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා කියා සිටියේය.

ලෝක උරුම සීගිරියට බලපෑම් කරන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා සැලසුම් සකස් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා සඳහන් කරනවා.

ඔහු සඳහන් කළේ, සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවතට විසිවී යාමේ තර්ජනයක් නැතත්, සීගිරිය අවට භූ දර්ශනය රැකගන්නා ලෙස යුනෙස්කෝ සංවිධානය දැනුම් දී ඇති බවයි.

“සීගිරිය කියන්නේ ගල විතරක්ම නෙමේ. මේක වටා ලෙන් පද්ධතියක් තියෙනවා, සුසාන තියෙනවා. මෙන්න මේ භූ දර්ශනයට තමා යුනෙස්කෝවෙන් ආරක්ෂා කරන්න කියලා කියන්නේ.
යුනෙස්කෝවෙන් එහෙම තර්ජනයක් තවම ඉදිරිපත් වෙලා නෑ. නමුත් අනවසර ඉදිකිරීම් වේගයෙන් වැඩි වුණොත් ඉදිරියේදී තරජනයක් වෙන්න පුළුවන් කියන තත්ත්වයක අපි ඉන්නවා”යැයි මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා කියා සිටියේය.


Top Stories
wedivistara

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 08 වනදා

wedivistara

මාරවිල ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර කසළ වළකින් හමුවෙයි

wedivistara

කාලගුණයේ වෙනසක්

wedivistara

කටුනායක ගුවන් තොටුපළේ VAT Refund කවුළුවක් විවෘත කෙරේ

wedivistara

ලංගම බස් රථයක් ගසක ගැටී අනතුරක්

wedivistara

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජූලි 07 වැනිදා ජල කප්පාදුවක්

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT