Local
වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල
Thursday, 03 July 2025 - 5:32 pm
වත්තේගම සිට කුඩුගල හරහා මහනුවර දක්වා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් පෙරළී එහි ගමන් ගත් මගීන් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන්ගෙන් 8 දෙනකු වත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙන අතර එක් අයකු තෙල්දෙණිය රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය පවසන්නේ.
කුඩුගල මාර්ගයේ, අරලිය උයන ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබෙන බවද පොලිසිය කියා සිටියා.
එම අවස්ථාවේදී බස් රථයේ මගීන් 25 දෙනෙකු පමණ සිට තිබෙන බව පැවසෙනවා.
බස් රථයේ රියදුරු අසුන ළඟ දොර විවෘත වීමත් සමග රියැදුරු එය අල්ලා ගැනීමට යාමේදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී පෙරළී ඇති බවද පොලිසිය පවසනවා.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොමැති බවයි වාර්තා වන්නේ.
වත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.