International

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය අවසන්

Monday, 10 June 2024 - 9:41 am

ඉන්දීය මහමැතිවරණයට පසු ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ නිමාවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දින 4ක් පුරා යුරෝපයේ රටවල් 21ක මිලියන 370කටක වැඩි ඡන්දදායකයන් පිරිසක් සිය ඡන්දය භාවිත කළ යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය මෙවර පැවැත්වූයේ 10 වැනි වරටය.

සාමාජිකයන් 720දෙනකු තෝරා පත් කරගැනීම සඳහා පසුගිය 6 වැනිදා නෙදර්ලන්තයෙන් ආරම්භ වූ මෙවර මැතිවරණයේ දෙවැනි හා තුන්වැනි දිනවලදී සෙසු රටවල ඡන්දය පැවැත්වූ බවත්, ප්‍රංශය, ජර්මනිය, පෝලන්තය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල වැඩිම ඡන්දදායකයන් පිරිසක් සිය ඡන්දය භාවිත කරනු ලැබුවේ ඊයේ දිනයේදී බවත් වැඩිදුරටත් වාර්තා වේ. යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීම ඉතාලියේ දෙදිනක් පුරා පැවැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අවසන් වරට ඡන්දය පැවැති 2019 වසරේදී යුරෝපා පාර්ලිමේන්තුවේ නායිකාව ලෙස පත් වූ යුරෝපීය ජනතා පක්ෂ සමූහයේ උර්සුලා වොන් ඩර් ලියෙන් මෙවර සිය දෙවැනි ධුර කාලය අපේක්ෂාවෙන් පසුවන අතර, සමාජවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ නිකොලස් ෂූමිට් ඇතුළු ප්‍රබල අපේක්ෂකයන් රැසක් ඇය සමඟ සටනට පිවිසී සිටින බව ද වාර්තා වේ. යුරෝපා පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය පතුරුවාලීමට ඔවුන් ආසන 361ක බහුතරය ලබා ගත යුතු බව ද වාර්තා වේ.


Top Stories
wedivistara

0.55% කින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි

wedivistara

රාගම බටුවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

තෝරු, මෝරු, නිල් තල්මස්සු වගේ අය තමා අපි අත්අඩංගුවට ගන්නේ - බිමල් රත්නායක

wedivistara

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT