Local

සසුනට වන හානිය මැඬලීමට ත්‍රෛනිකායික සංඝ කතිකාවතක් අවශ්‍යයි

Wednesday, 31 January 2024 - 9:53 am

සිවුරු පොරවාගෙන භික්ෂු වෙස් ගත් කිහිප දෙනකු සිදු කරන අකටයුතුකම් නිසා භික්ෂු සමාජයටත් සම්බුද්ධ ශාසනයටත් විශාල හානියක් සිදු වන බැවින් එය මැඬලීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්ව සංඝ සාමාග්‍රියකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍යව ඇතැයි මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත ත්‍රිපිටක විශාරද මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මහනායක මාහිමිපාණන් වහන්සේ සඳහන් කරති.

මහනායක හිමියන් මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදි කර්තෘ අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි සරණංකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, නිකාය ආරම්භ කර (1863 ) වසර 161ක් සපිරීම හා උන්වහන්සේ අපවත් වී වසර 138ක් ගත වීම නිමිත්තෙන් පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදි කර්තෘ ගුණානුස්මරණ මහෝත්සවයේදී අදහස් දක්වමිනි.

මෙම මහෝත්සවය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පෙරේදා (29) පැවැත්විණි.

වර්තමාන යුගය සම්බුද්ධ ශාසනයට විවිධාකාර තර්ජන අවමන් නිග්‍රහ සිදු කරන යුගයක් බවට පත්ව තිබීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බවද සමස්ත මහා සංඝරත්නයම අවමානයට නින්දාවට අපහාසයට ලක්වන විදිහට එක්කෙනෙක් දෙන්නෙක් සිදු කරන යම් යම් අවමන්සහගත දේ නිසා වත්මන් සමස්ත භික්ෂු පරපුරටම මහා කැළලක් සිදුව ඇති බව ද ඒ සම්බන්ධව මහා සංඝරත්නය මෙන්ම ගිහි ජනතාව ද එක්ව දැනුවත්භාවයෙන් යුතුව කටයුතු කිරීමෙන් සම්බුද්ධ ශාසනය හානියක් නොවී ඉදිරියටත් ආරක්ෂා කර ගැනීමේ ශාසනික වගකීමක් පැවරී තිබෙන බව ද එහිදී මහනායක හිමියෝ අවධාරණය කරමින් සඳහන් කළහ.

අමරපුර මහා සංඝ සභික කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නාහිමියන් වෙත ජාතික හා ජාත්‍යන්තරව සිදු කරන උදාර ශාසනික, ආගමික හා සමාජයීය සේවාව අගයා මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මඟින් “විශ්ව කීර්ති ශ්‍රී ආනන්ද මෛත්‍රී වංශාවතංස සද්ධර්ම කීර්ති ශාසන ජොතික” යන ගෞරව නාමය මෙහිදී ප්‍රදානය කරන ලද අතර, සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා සම්බුද්ධ ශාසනයටත් මනුෂ්‍ය සමාජයටත් කරන ලද විශිෂ්ට සේවාව අගයමින් මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාව විසින් Òදේශ කීර්ති ශ්‍රී ශාසනාභිමානී Ò යන ගෞරව නාමය පිරිනැමීය.

බුද්ධ ශාසනයට හා සමාජයට සිදු කර ඇති මෙහෙවර අගයමින් තවත් ගිහි පැවිදි පහළොස් දෙනකු වෙතද ගෞරව සම්මාන මෙහිදී පිරිනැමුණු අතර, මෙම මහෝත්සවයට සමගාමීව පිරිවෙන් අතර පැවති දහම් තරග විභාගයෙන් ජය ලැබූ භික්ෂුන් වහන්සේ උදෙසා සහතික හා ත්‍යාග පිරිනැමීම ද දහම් පාසල් අතර පැවති තරග විභාගයෙන් ජය ලැබූ සිසු සිසුවියන්ට සහතික හා ත්‍යාග පිරිනැමීම ද සිදු විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහෝපාධ්‍යාය ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්ෂක සභාවේ සභාපති හිටපු කථානායක දේශබන්ධු කරු ජයසූරිය මහතා, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරල, ගාමිණී වලේබොඩ, ජයන්ත සමරවීර, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT