Local

මාලිමා ආණ්ඩු සමයේ පලමු වර්ජනය කැදවයි..

Tuesday, 29 October 2024 - 10:06 pm

ඉදිරි පැය 72 ක කාලය ඇතුළත දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවා ගැනීම හා උසස්වීම් ගැටලුවට විසඳුමක් ලබා නොදුනහොත් ක්ෂණික වෘත්තිය ක්‍රියා මාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

එහි සභාපති සුමේධ රත්නායක මහතා සඳහන් කරන්නේ දුම්රිය නියාමක හා දුම්රිය ස්ථානාධිපති තනතුරුවලට වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් දීමනා ලබා දීමෙ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇති බවයි.

ඒ අනුව පැරණි විභාග ප්‍රතිඵල මත නියාමක වරුන්ගේ උසස් වීම් දී වැටුප් පරිවර්තනය ද සකසා ඇති බවත් හෙතෙම කියා සිටියි.

දුම්රිය ස්ථානාපතිවරුන් සඳහා බඳවා ගැනීමේ පටිපාටිය අනුමත කිරීමෙන් පසු උසස් කිරීමේ ක්‍රමවේදය ද ආරම්භ කළ යුතු බව දුම්රිය සාමාන්‍යධිකාරිවරයා දැනුම් දී ඇති බව කියන සභාපතිවරයා දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාල බදවා ගැනීම් පටිපාටිය නියාමක සංගමය විරෝධය හේතුවෙන් අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැති බවද කියා සිටියේය.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT