Local

රජයේ වාහන ගැන ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

Friday, 11 October 2024 - 11:39 am

රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා පොලීසියේ 1997 විශේෂ දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසන්නේ, රජය විසින් විවිධ කාර්යයන් සඳහා නිකුත් කරන ලද වාහන යම් ස්ථානයක වංචා සහගත ලෙස හෝ නීතිවිරෝධීව සඟවා තිබෙන බවට හෝ යම්කිසි ආකාරයකට කොටස් කර සඟවා තබා තිබෙන බවට හෝ එසේම යම් යම් ස්ථානවල නවතා තබා අබලන්වීමට ඉඩහැර තිබෙන බවට හෝ යම් තොරතුරක් දන්නේ නම් වහාම දැනුම්දෙන ලෙසය.

මෙම දුරකථන අංකය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක ය.

තොරතුරු ලබා දෙන්නන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවත් තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවය හෙළිකිරීම අත්‍යවශ්‍ය නොවන බවද පොලීසිය පවසයි.

නමුත් සත්‍ය තොරතුරු පමණක් ලබාදිය යුතු අතර අසත්‍ය තොරතුරු ලබා දෙන්නන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කරන බවද පොලීසිය අවධාරණය කරයි.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT