ජූලි පළමුවැනිදා සිට බස් ගාස්තු 2.5% කින් අඩු වනු ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ජුලි 01 වැනිදා සිදුකිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එසේ සඳහන් කළා.
අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවට ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව තමන්ට දැනුම්දුන් බවයි ගැමුණු විජේරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ.