Local

රාජ්‍ය ආයතනවල නීතිරීති වෙනස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනේ

Saturday, 22 March 2025 - 2:08 pm

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්, ප්‍රාදේශීය පරිපාලන සහ පළාත් පරිපාලන යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ආඥා පනත් සහ 1950 - 1970 දශකවල පනවනු ලැබූ නීති රෙගුලාසි හා ක්‍රියා පටිපාටි අනුව බවයි සඳහන් වෙන්නේ.

එවකට පැවති සමාජ ආර්ථික තත්ත්වය, ප්‍රවාහන හා සන්නිවේදන යටිතල පහසුකම් පදනම් කරගනිමින් මෙම ක්‍රියා පටිපාටි ගොඩනගා ඇති අතර, වර්තමාන සංවර්ධන අවශ්‍යතා සහ මහජන කාර්යයන් ඉටුකිරීමට මෙම ක්‍රියා පටිපාටි කාලීනව සංශෝධනය විය යුතු බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මහ නගර සභා, ප්‍රාදේශීය සභා, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව යන ආයතනවලින් ලබාගන්නා සේවා සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඇති නීති, රෙගුලාසි හා ක්‍රියා පටිපාටි ගැටලු සහ එම ගැටලු විසඳීම සඳහා වූ යෝජනා පහත ලිපිනයට එවන ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

විද්‍යුත් ලිපිනය - inforan@moha.gov.lkWhatsapp - 00740896768ලිපිනය - ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය, 17 වන මහළ, නිල මැදුර, ඇල්විටිගල මාවත, කොළඹ 05.

අදාළ නිවේදනය පහතින්. 

 

news images news images
 


Top Stories
wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට

wedivistara

රුපියල් කෝටි 02 ක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT