International

ප්‍රංශය හදිසි මැතිවරණයකට යයි – පාර්ලිමේන්තුව විසුරුවයි

Monday, 10 June 2024 - 1:31 pm

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ මස අගදී හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා තිබේ.

ඒ යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඔහුගේ ප්‍රතිවාදියා වූ මැරීන් ලී පෙන් ගේ ජාතික රැලිය ලැබූ විශාල ජයග්‍රහණය හේතුවෙනි. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ක් පුරා දින තුනක ඡන්ද විමසීම ඊයේ අවසන් විය.

එහිදී මැක්‍රෝන්ගේ පුනරුද පක්ෂය අභිභවා ඔහුගේ ප්‍රතිවාදියා වූ මැරීන් ලී පෙන් ලැබූ විශාල ජයග්‍රහණයත් සමග මැක්‍රෝන් පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවේදනය කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ පැරිස් ඔලිම්පික් උළෙලට සති කිහිපයකට පෙර ජූනි 30 සහ ජූලි 7 යන දිනවල ඡන්ද වට දෙක පැවැත්වෙන බවයි.

දෙවසරක ජනාධිපති ධූර කාලය තුළ, ජනාධිපති මැක්‍රොන් හට ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. හදිසි මැතිවරණයක් කැදවීම විශාල විස්මයක් වන අතර ජනාධිපති මැක්‍රෝන්ට එය දැඩි අවදානමක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එසේම මීළග ජනාධිපතිවරණයේදී ලී පෙන් ජයගනු ඇති බවට විදෙස් මාධ්‍ය විශ්වාසය පළකරයි.


Top Stories
wedivistara

මෙවර මැතිවරණයට දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය පළකිරීමේ පහසුකම් සැලසීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමට ලංසු කැඳවීම අත්හිටුවීමට තීරණය කෙරේ

wedivistara

ඡන්ද කල්දාන්නෙත් නෑ, පාර්ලිමේන්තුව විසුරවන්නෙත් නෑ - රවී

wedivistara

පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වෙයි

wedivistara

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

වැඩවර්ජනය අතරතු​ර සේවයට වාර්තා කළ රාජ්‍ය සේවයින්ට රු.10,000 ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

විදුලි ගාස්තු 22.5% කින් පහළට

wedivistara

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා කියලා තීරණය කරලා ඉවරයි - උදයංග

wedivistara

පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේදී වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී දකුණු දළදා පෙරහැර මේ මස 20 වනදා

wedivistara

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිසමට

wedivistara

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා අනාගත ශ්‍රී ලංකාව මැයෙන් දීප ව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියක්


NEWS ALERT