Local

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

Wednesday, 09 July 2025 - 8:47 pm

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2025 ජුලි 09) ගුවන් හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ හමුවිය.

හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව පැවති මෙම නිල හමුව සඳහා ගුවන් හමුදා මූලස්ථානය වෙත පිවිසි නාවික හමුදාධිපති වෙත ගුවන් හමුදාවේ ඉහළම හමුදා ආචාරය සහ අභිමානය පිළිබිඹු කරමින් සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පිරිනමා පිළිගැනීම සිදුකෙරිණි.

මෙම නිල හමුවේදී, ගුවන් හා නාවික හමුදාධිපතීන් අතර ද්විපාර්ශවීය වශයෙන් වැදගත් උපාය මාර්ගික කරුණු පිළිබඳව අදහස් හුවමාරුවක් සිදු කෙරුණු අතර, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ තීරණාත්මක දායකත්වය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

තවද, සහෝදර හමුදා අතර බැඳීම හා අන්තර් සේවා සහයෝගිතාව ශක්තිමත් කරමින් සිදුකෙරුණු මෙම නිල හමුව සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


Top Stories
wedivistara

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 12 ඉක්මවයි

wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

බන්ධනාගාරවල සිටිය හැක්කේ 12,000ක් වුවත්, දැන් 33,000ක් ඉන්නවා - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

wedivistara

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි


NEWS ALERT