Tech

නව ඩයිනෝසෝර විශේෂයක් සොයා ගැනේ

Thursday, 12 June 2025 - 12:17 pm

විද්‍යාඥයින් විසින් මොන්ගෝලියාවේ කෞතුකාගාරයක ඇති අස්ථි එකතුවක් පරීක්ෂා කරමින් නව ඩයිනෝසෝර විශේෂයක් සොයාගෙන ඇත. ඔවුන් පවසන්නේ මෙම සොයාගැනීම, ටිරානෝසරයන්ගේ පරිණාමීය ඉතිහාසය නැවත සකස් කිරීමට හේතු වන බවයි.

වසර මිලියන 86 කට පෙර ජීවත්වූ ඩයිනෝසෝර ඇටසැකිලි දෙකක් ඇසුරින් මෙම පර්යේෂණය සිදු කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

“ඛාන්කුඋලු මොන්ගෝලියෙන්සිස්” (Khankhuuluu mongoliensis) ලෙස නම් කර ඇති මෙම නව ඩයිනෝසෝර විශේෂය “මොන්ගෝලියාවේ මකර කුමාරයා” නැමැති අන්වර්ථ නාමයෙන් ද හදුන්වයි.

මෙම සොයාගැනීම, Nature විද්‍යා පත්‍රිකාව තුළ ප්‍රකාශයට පත් වී ඇති අතර, ජුරාසික් යුගයේ කුඩා, වේගයෙන් චලනය වූ දඩයම්කරුවන්ගෙන් පසුව, විශාල ටී.රෙක්ස් වැනි විලෝපිකයන් වෙත පරිණාමය වූ ක්‍රියාවලිය පිළිබඳ වටිනා තොරතුරු ලබා දෙයි.

කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලයේ පාෂාණ විද්‍යාඥ මහාචාර්ය ඩාර්ලා සෙලෙනිට්ස්කි පැවසුවේ, “ඛාන්කුඋලු” විශේෂය තරුණ, කුඩා ටිරානෝසෝරස් වර්ගයක් ලෙස සලකිය හැකි බවයි.

ඛාන්කුඋලුගේ බර කිලෝග්‍රෑම් 750 ක් පමණ විය හැකි අතර, පසුව පරිණාමය වූ ටී.රෙක්ස් වැනි විශේෂ කිලෝග්‍රෑම් 6000 දක්වා බර විය හැකි බව ද ඔහු පැහැදිලි කළේය.

මෙම ඇටසැකිලි සොයාගත්තේ 1970 දශකයේ මොන්ගෝලියාවේදීය.

මෙම සොයාගැනීම, උතුරු ඇමරිකාව සහ ආසියාව අතර ගොඩබිම් පාලම් හරහා සිදුවූ ජීවීන්ගේ ගමනාගමනය, විවිධ ටිරානෝසර කණ්ඩායම්වල විකාශනයට බලපෑ ආකාරයද විවරණය කරයි.


Top Stories
wedivistara

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

wedivistara

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

wedivistara

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

wedivistara

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

රන් මිල පහළට


NEWS ALERT