Sports

අරවින්ද ද සිල්වාට Hall of Fame ගෞරව නාමය පිරිනමයි

Thursday, 16 November 2023 - 11:57 am

ICC Cricket Hall of Fame හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් සඳහා පිරිනමන ගෞරව නාමය මෙරට හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වාට පිරිනැමීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ඉන්දියාවේ මුම්බායි හි පැවති උත්සවයකදී මෙය පිරිනමා ඇති බවයි සඳහන් වන්නේ.

ටෙස්ට් තරග 93 කට සහ එක්දින තරග 308 කට ක්‍රීඩාකර ඇති අරවින්ද ද සිල්වා රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 15,645 ක් වන අතර ඔහු ටෙස්ට් හා එක්දින තරගවලදී ශතක 31ක් හා අර්ධ ශතක 86 ක් වාර්තා කර තිබෙනවා.

1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ නියමුවා වූ ඔහු අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 107 අදටත් මෙරට ක්‍රීඩා ලෝලීන්ට නොමැකෙන මතකයක් වී තිබෙනවා.


Top Stories
wedivistara

මහනුවර රෝහලේ ගොඩනැගිලි පින්තාරු කළ 71 වියැති පුද්ගලයෙක් ඇද වැටී මරුට

wedivistara

නීතිවිරෝධීව කුළුබඩු සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන ආ සැකකරුවන් 04ක් අත්අඩංගුවට

wedivistara

ජගත් මනුවර්ණ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස පත්වෙයි.

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ශ්‍රී ලාංකිිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

යතුරුපැදියක් පාපැදියක ගැටී දෙදෙනෙකු මරුට

Trending
wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ


NEWS ALERT