Local

බටහිර වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබා දෙනවා – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි

Wednesday, 07 August 2024 - 5:59 pm

මෙතෙක් බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

වසර 18කට වැඩි කාලයක් තිස්සේ අවස්ථා ගණනාවක දී ආයුර්වේද වෛද්‍යවරුන් එම ඉල්ලීම සිදු කරමින් සිටි බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා එම ඉල්ලීම යතාර්ථයක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්වීම සම්බන්ධයෙන් ස්තුති කරන බව ද සඳහන් කළේය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

මේ වන විට ජාත්‍යන්තර මට්ටමින් ඇතිව තිබෙන විවිධ ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ ආර්ථික අස්ථාවරත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ හමුවේ ස්ථාවර රටක් නිර්මාණය කල හැකි වන්නේ ස්ථාවර ආර්ථික ක්‍රමයක් නිර්මාණය කර ගැනීමෙන් පමණක් බව සියලු දෙනාම සිහිතබා ගත යුතුයි. ජාතික ආරක්ෂාව ඇති කිරීමට නම් රට මෙන්ම ආර්ථිකය ද ස්ථාවර විය යුතුයි.

ඒ නිසා ජනතාව තම දරුවන්ගේ සහ රටේ අනාගතය පිළිබඳ සිතා රටක් ලෙස ජයග්‍රහණය කිරීම වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු බව ද සඳහන් කළ යුතුයි.

බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. වසර 18කට වැඩි කාලයක් තිස්සේ අවස්ථා ගණනාවක දී ආයුර්වේද වෛද්‍යවරුන් මෙම ඉල්ලීම ඉදිරිපත් කරමින් සිටියා. ඉතිං එම ඉල්ලීම යතාර්ථයක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්වීම සම්බන්ධයෙන් එතුමාට විශේෂ ස්තුතිය පුදකළ යුතුයි.

මෙම දීමනාව මුදල් අමාත්‍යාංශයට වැය බරක් නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරන ලද මුදලින්ම ආවරණය වන පරිදි ලබාදීම සිදු වනවා. මෙය රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් ලද ජයග්‍රහණයක් බව සඳහන් කළ හැකියි.

ඒ වගේම පසුගිය ජූලි 31 වනදා වන විට පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචිය සඳහා නැවත අයදුම්පත්‍ර කැඳවීම සිදුකළා. ඊට අදාළ අයඳුම්පත්‍ර 712ක් ලැබී තිබෙනවා. මේ අතර පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචිය අත්හිටුවා ඇති බවට විවිධ කටකතා පැතිර යනවා. නමුත් ඔවුන්ගේ විභාගය ඉදිරි සති කිහිපය තුළ පැවැත්වීමට අදාළ සියළු කටයුතු මේ වන විට සැළසුම් කර ඇති බව සඳහන් කළ යුතුයි. ‍


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT