Entertainment

ඉන්දියාවේ රූමත්ම නිර්මාංශික නිළිය ජැකලීන්

Monday, 21 October 2024 - 9:38 am

ඉන්දියාවේ රූමත්ම නිර්මාංශික නිළිය ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලීන් ෆර්නෑන්ඩස් ඇගයීමට ලක්වී තිබේ.

ජැකලීන් ෆර්නෑන්ඩස් “ඉන්දියාවේ රූමත්ම නිර්මාංශික නිළිය” ලෙස සම්මානයට පාත්‍රවී ඇත්තේ සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඇමෙරිකාව පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන පෙටා සංවිධානය විසිනි. ඒ ඇය සත්ත්ව සුභසාධනය වෙනුවෙන් සහ සතුන්ට අනුකම්පාව, දයාව දක්වන ජීවන රටාවක් පවත්වාගෙන යෑම වෙනුවෙන් සිදුකරන කැපකිරීම සඳහා කළ ගෞරවයක් ලෙසය.

ජැකලීන්ගේ පියා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයකු වන අතර ඇගේ මව මැලේසියානු සම්භවයක් සහිත කාන්තාවකි.

ජැකලීන් සිය කුඩා කාලයේ බහරේනයට සංක්‍රමණය වී ඇති අතර පසු කාලීනව ඇය ලංකාවට පැමිණ නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර තිබුණි. 2006 වසරේදී ශ්‍රී ලංකාවේ විශ්ව රූ රැජින බවට පත්වන ජැකලීන්ට ඉන්දියාවට ගොස් නිරූපනය පිළිබඳ හැදෑරීමට අවස්ථාව හිමි වන අතර ඇය 2009 වසරේදී ඇලඩින් චිත්‍රපටය හරහා ජැස්මින්ගේ චරිතය නිරූපණය කරමින් බොලිවුඩ් සිනමාවට පිවිසියාය.

නිර්මාංශ ජීවන රටාවක් පවත්වාගෙන යන ජැකලීන් සතුන් කෙරෙහි දක්වන දයාව පිළිබඳ හොඳම නිදර්ශනය වන්නේ වසර 50කට අධික කාලයක් දම්වැල් දමා සිරගතකර සිටි අලියෙකු මුදාගැනීම වෙනුවෙන් ෆ්‍රී ගජ්රාජ් නමින් ඇය සිය හඬ අවදිකරමින් සිදුකළ සේවයයි. මස් මාංශවලින් සම්පූර්ණයෙන්ම තොර ජීවන රටාවක් පවත්වාගෙන යෑම වෙනුවෙන් පෙටා සංවිධානය ජැකලීන්ට එම ඇගයීම සිදුකර ඇති අතර මින් පෙර ආලියා බාත්, ශ්‍රද්ධා කපූර්, අනුශ්කා ශර්මා, රේඛා වැනි නිළියන්ද මෙම ඇගයීමට පාත්‍රවී තිබේ.


Top Stories
wedivistara

මහනුවර රෝහලේ ගොඩනැගිලි පින්තාරු කළ 71 වියැති පුද්ගලයෙක් ඇද වැටී මරුට

wedivistara

නීතිවිරෝධීව කුළුබඩු සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන ආ සැකකරුවන් 04ක් අත්අඩංගුවට

wedivistara

ජගත් මනුවර්ණ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස පත්වෙයි.

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ශ්‍රී ලාංකිිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

යතුරුපැදියක් පාපැදියක ගැටී දෙදෙනෙකු මරුට

Trending
wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ


NEWS ALERT