Local

"පොලිස්පතිට කියන්න" සේවාව නව මුහුණුවරකින් එළිදක්වයි

Thursday, 09 January 2025 - 7:38 am

TELL IGP (පොලිස්පතිට කියන්න) සහ L-NEED සේවාව නව මුහුණුවරකින් එළිදැක්වීමට කටයුතු කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව වෙත වඩාත් සමීපව කටයුතු කිරීම හා ඔවුන්ගේ ගැටලු සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්ම​ක කරන බවයි සඳහන් වෙන්නේ.

TELL IGP (පොලිස්පතිට කියන්න) ව්‍යාපෘතිය හරහා මහජනතාවගේ පැමිණිලි, අදහස් හා යෝජනා සෘජුවම පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව සලසා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ අතර L-NEED සේවාව මගින් ජංගම දුරකථනයක් අස්ථාන ගතවූ අවස්ථාවක දී පොලීසියට නොගොස්, Online මාර්ගයෙන්ම අස්ථානගත වූ දුරකථනයේ තොරතුරු ලබාදී පැමිණිල්ලක් යොමු කිරීමේ හැකියාව සලසා දී තිබෙනවා.

www.police.lk නිල වෙබි අඩවියට ගොස් E-Services ඔස්සේ TELL IGP හා L-NEED සේවාව වෙත පිවිසිය හැකි අතර, පැය 24 පුරා පැමිණිලි කිරීමේ හැකියාව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට

wedivistara

රුපියල් කෝටි 02 ක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT