Local

පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කෙරේ

Monday, 11 December 2023 - 1:42 pm

තාවකාලිකව අත්හිටුවා තිබූ පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර තිබෙනවා.

මෙය කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබුණු අතර, ලබන 15 වැනිදා සිට නැවත ආරම්භ වනවා.

‍රජයේ නිවාඩු හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට මහජන සහන දිනය පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

දිවයිනේ පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශයන් වෙත මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි අතරින් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වු පැමිණිලි සෘජුවම වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ. 


Top Stories
wedivistara

යෝෂිත සහ ඩේසි ෆොරොස්ට් හට අධිචෝදනා භාරදෙයි

wedivistara

ව්‍යාජ ඩොලර් නෝට්ටු හයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

wedivistara

තෙල් මිල ඉහළ දැමූ පද­නම රටට කියන්න

wedivistara

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

wedivistara

මාස 5ට විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලි­යන 3 පනී

wedivistara

ඩෙංගු මර්දන සතියේ පසුගිය දින දෙක තුළ පරිශ්‍ර 48,354ක් පරීක්ෂාවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන ලෙස ඉහළට


NEWS ALERT