හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබෙනවා.
ඒ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ නඩුවක් සඳහා, කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ මෙලෙස ඔවුන්ට අධිචෝදනා භාරදීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇති බවද වැඩිදුරටත් සඳහන්.