International

මැදපෙරදිග යුද්ධය නතර කරන්නැයි පාප්වහන්සේගෙන් දැඩි ඉල්ලීමක්

Sunday, 22 June 2025 - 6:42 pm

මැදපෙරදිග යුද්ධය 'සුව කළ නොහැකි අගාධයක් බවට පත්වීමට පෙර' එය නතර කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව XIV ලියෝ පාප් වහන්සේ අද (22) ප්‍රකාශ කළා.

ශාන්ත පීටර් චතුරශ්‍රයේ සිට පැවති සාම්ප්‍රදායික සතිපතා යාඥාව අතරතුර, පාප්වහන්සේ ඉරානයෙන් ලැබෙන කනස්සල්ලට කරුණක් වූ පුවත ගැන එහිදී සඳහන් කළා.

'අද වෙන කවරදාටත් වඩා, මනුෂ්‍යත්වය සාමය වෙනුවෙන් හඬා වැටී අයදිනවා,' පාප් නිල නිවසේ කවුළුවෙන් අදහස් දක්වමින් ලියෝ පාප්වහන්සේ එහිදී පැවසුවා.

විශේෂයෙන්ම ගාසා තීරයේ ජනතාවගේ දෛනික දුක් වේදනා අමතක කිරීමේ අවදානම පිළිබඳවද එහිදී උන්වහන්සේ අනතුරු ඇඟවූවා.

ඉන් අනතුරුව, පාප්වහන්සේ 'ජාත්‍යන්තර ප්‍රජාවේ සෑම සාමාජිකයෙකුගේම' 'සදාචාරාත්මක වගකීම' අවධාරණය කළ අතර, රාජ්‍ය තාන්ත්‍රිකත්වය මගින් යුද්ධය නිහඬ කරන ලෙස තරයේ කියා සිටියා.


Top Stories
wedivistara

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

wedivistara

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

wedivistara

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

wedivistara

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

රන් මිල පහළට


NEWS ALERT