Local

දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම් සංශෝධන කෙටුම්පත ගැසට් කිරීමට කැබිනට් අනුමැතිය

Wednesday, 11 June 2025 - 5:44 pm

දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අරමුණින් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශාරීරික දඬුවම් මඟින් දරුවෙකුට සිදුවන ශාරීරික හා මානසික හිංසනය පුළුල් බව විද්‍යාත්මකව ඔප්පු කර ඇති අතර ඒ අනුව, අදාළ කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් ඒ අනුව කටයුතු කිරීමට හැකි වී නොමැති බවයි සඳහන් වෙන්නේ.

එම පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ඇති අතර, ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.news images


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT