Local

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

Friday, 06 December 2024 - 10:54 pm

ජාතික ජන බලවේග ආණ්ඩුව පැමිණි පසු ජනතාව බදු ගෙවීම සඳහා උනන්දු වෙමින් සිටින බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කරන වැඩසටහනක් හඳුන්වාදීමත් සමඟ ජනතාව බදු ගෙවීමට කැමැත්තෙන් සිටින බවද ඔහු පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අමතමිනි.

“ජනතාව ගෙවන බදු මුදල් ආරක්ෂා කරන වැඩසටහන් අපි ඉදිරිපත් කර තිබෙනවා. අපගේ වැඩසටහන කර්මාන්තශාලා හිමියන් සහ බදු ගෙවන්නන් විසින් පිළිගෙන තිබෙනවා. එබැවින් බදු ගෙවන්නන් ස්වයං බදු ගෙවීම සඳහා වඩාත් උනන්දු වෙමින් සිටිනවා. ගෙවීම් පැහැර හරින අයට දෙසැම්බර් 30 වැනිදාට පෙර බදු ගෙවීමට අපි අවසාන දිනයක් ලබා දී තිබෙනවා.

එම කාලය තුළ බදු ගෙවීමට ජනතාව කටයුතු කරාවි. ජනතාව බදු ගෙවීමට කැමැත්තෙන් සිටින නමුත් ඔවුන් ගෙවන බදු මුදලින් කරන වැඩසටහන් පිළිබඳව ඔවුන්ට පැහැදිලි අදහසක් තිබුණේ නැහැ. ඒ නිසා බදු ගෙවන්නන් බදු ගෙවීමෙන් වැළකී සිටියා.

ජනාධිපතිතුමාගේ දිවුරුම් දීමේ උත්සවය සහ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමේ උත්සවය ඉතා සරල වුණා. පසුගිය රජය නම් මේ සඳහා විශාල ජනතා බදු මුදල් වැය කරන්න තිබුණා. එසේම විවිධ අමාත්‍යාංශවලට අයත් ආයතන රැසක් පෞද්ගලික කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සඳහා රජය විශාල මුදලක් කුලී ලෙස ගෙවා තිබෙනවා”


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT