Sports

අයර්ලන්තයට එරෙහිව තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල අද පිටියට

Tuesday, 13 August 2024 - 8:45 am

මෑත ඉතිහාසයේ පළමු වරට චමරි අතපත්තුගේ දායකත්වය අහිමි වූ ශ්‍රී ලංකා කාන්තා පිල අයර්ලන්තයට එරෙහිව සිය මංගල විස්සයි20 තරගාවලිය ජයගැනීමේ අරමුණින් අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8.30ට ඩබ්ලින් නුවර ක්‍රීඩාංගණයට පිවිසෙයි. අනුෂ්කා සංජීවනීගේ නායකත්වයෙන් අයර්ලන්තය සමඟ විස්සයි20 තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කාන්තා පිල පෙරේදා මේ ක්‍රීඩාංගණයේදීම පැවැති පළමු තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් 1-0කින් පෙරමුණ ගැනීමට සමත් විය. පසුගියදා ඉන්දියාවට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කරමින් ආසියානු කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිලට මං විවර කළ හර්ෂිතා සමරවික්‍රම පෙරේදා තරගයේදී ද ජයග්‍රහණයේ දොරටු විවර කරනු ලැබුවේ පන්දු 45කින් නොදැවී ලකුණු 86ක් රැස් කරමිනි. එම ඉනිමත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරගයක චමරි අතපත්තුගෙන් පසු ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමේ වාර්තාවත් ඇය සතු කරගත්තාය.

දස්කම් අතර සිටින 26 හැවිරිදි මේ වමත් පිතිකාරිනිය අද තරගයේදී ද ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම පිතිහරඹ තුරුම්පුව බවට පත්වනු ඇති අතර, ඇයට ආරම්භක සහායිකාව වන යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්නගෙන් විශාල දායකත්වයක් ලැබෙනු ඇත. විශ්මි ගුණරත්න පෙරේදා තරගයේදී ද ලකුණු 30ක් රැස් කිරීමට සමත් වූවාය.

ශ්‍රී ලංකා කාන්තා පිල විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ 6 වැනි තරගාවලි ජය හඹා යන අතර, මීට පෙර ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, එංගලන්තය හා දකුණු අප්‍රිකාව පරාජය කිරීමට සමත් වී සිටී. ශ්‍රී ලංකා කාන්තා පිලේ මංගල විස්සයි20 තරගාවලි ජයග්‍රහණය වාර්තා වූයේ 2013-14 තරගවාරයේ ඉන්දියාවට එරෙහිව එරටදී පැවැති තරගාවලියේදීය. එවර ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා පිල තරගාවලිය ජයගනු ලැබුවේ 2-1කිනි. අනතුරුව 2014-15 තරගවාරයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානයට එරෙහිව 2-1ක් ලෙස දෙවැනි විස්සයි20 තරගාවලි ජය වාර්තා කරනු ලැබුවේ චමරි අතපත්තුගේ නායකත්වය යටතේය. පසුගිය වසරේදී චමරිගේ නායකත්වය යටතේම බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේදී 2-1කින් තරගාවලි ජය වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා පිල එම වසරේදීම එංගලන්තයේදී 2-1කින් විස්සයි20 තරගාවලිය ජයගනු ලැබුවේ ද චමරිගේ නායකත්වය යටතේය.

ඇගේ නායකත්වය යටතේම ශ්‍රී ලංකාව පස්වැනි විස්සයි20 තරගාවලි ජය දකුණු අප්‍රිකාවට එරෙහිව 2-1කින් වාර්තා කරනු ලැබුවේ මෙවර තරගවාරයේදීය.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT