Local

උත්සව සමයේ සියලු රෝහල්වල රෝගී සත්කාර සේවා කාර්යක්ෂමව

Monday, 15 April 2024 - 10:12 am

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ උපදෙස් පරිදි සියලු රෝහල් බලධාරින්ට  උපදෙස් දෙන ලදැයි සෞඛ්‍ය  ලේකම් විශේෂඥ වෛද්‍ය  පාලිත මහීපාල පවසයි.

උත්සව සමයේ හදිසි අනතුරු, ආහාර විෂවීම් මෙන්ම බෝ නොවන රෝගවලට (දියවැඩියාව, හෘද වස්තුව ආශ්‍රීත රෝග) ගොදුරුවන ප්‍රමාණය ඉහල යාම සාමාන්‍ය තත්ත්වයකි.

එමනිසා මෙම රෝගීන්ට කිසිදු ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර සේවාවන් පවත්වා ගෙන යාමට ද සෞඛ්‍ය අමාත්‍යාවරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි ද සෞඛ්‍ය ලේකම්වරයා පවසයි.

එමෙන්ම හදිසි ප්‍රතිකාර සේවාවන් වලදී අත්‍යවශ්‍ය ගිලන් රථ සේවාවන් ද පැය විසි හතර පුරාම විශේෂ අවධානය යටතේ මෙහෙයවීමට ද කටයුතු යොදා තිබේ.

උත්සව සමයේ ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව් වලදී අනතුරු සිදුවීම සහ බරපතල වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සදහා වන මාර්ගෝපදේශ මාලාවක් ද පසුගියදා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් එළිදක්වනු ලැබීය.

උත්සව සමයේ මහජනතාවට රෝගී සත්කාරක සේවාවන් ලබා දීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ද ලේකම්වරයා ශ්‍රී ලංකාවේ දෙවන ජාතික රෝහල වන මහනුවර මහ රෝහලේ පැවැති රෝගී සත්කාරක සේවා පිලිබඳ  විශේෂ  සාකච්ඡාවක දී  සෞඛ්‍ය  කාර්‍ය මණ්ඩලවලින් ඉල්ලා සිටියේය.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT