Sports
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් ටෙස්ට් තරගය අද
Wednesday, 25 June 2025 - 8:39 am
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(25) කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවීමත් සමග මෙම තරගයට දෙපිලම එක්වන්නේ තරගය ජය ගෙන තරගාවලියේ ජය තහවුරු කර ගැනීමේ අරමුණ ඇතිවයි.
ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක් සිදුකරමින් ආබාධයකට ලක්ව මෙම තරගය අහිමිව ගිය මිලාන් රත්නායක වෙනුවට විශ්ව ප්‍රනාන්දු සහ අමතර තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස දුනිත් වෙල්ලාලගේ ද යළි ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.
මේ අතර 170 වැනි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයා ලෙස යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනුෂට අද ටෙස්ට් වරම් හිමිව බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කළා.