Entertainment

ඔස්කාර් සහ එමී සම්මාන ලාභී සුප්‍රසිද්ධ සිනමා තරුවක් ලංකාවට

Wednesday, 18 June 2025 - 5:39 pm

ඔස්කාර් සහ එමී සම්මාන ලාභී සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නළු ජෙරමි අයිරොන්ස් (Jeremy irons) ඊයේ (17) ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ ජාත්‍යන්තර ප්‍රදර්ශනය අරමුණු කොට ගෙන මෙරටදී නිෂ්පාදනය කෙරෙන දැවැන්ත චිත්‍රපටයක් වන ‘The Caged Bird‘ සිනමා නිර්මාණයේ රංගනයකටය.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂකවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වන වන චන්ද්‍රන් රත්නම් විසිනි.

ජෙරමි අයිරොන්ස් ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-144 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ තිබුණේ ඊයේ (17) රාත්‍රියේය.

මෙහිදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍ර විජේවර්ධන සහ ජාත්‍යන්තර චිත්‍රපට නිර්මාණ සහ ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ ඇතුළු පිරිස ඔහුව උණුසුම් අයුරින් ශ්‍රී ලංකාවට පිළිගෙන ඇත.

ඒ අනුව ඔහු ඉදිරියේදී ‘The Caged Bird‘ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සම්බන්ධ වීමට නියමිතය.

මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා, සුප්‍රකට දකුණු ඉන්දීය සිනමා නිළි වරලක්ෂ්මි සරත්කුමාර් ද ඊයේ (17) මෙරටට පැමිණියාය.

‘The Caged Bird‘ චිත්‍රපට‍ය නිෂ්පාදනයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව චිත්‍රපට හා සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම සහ ජාත්‍යන්තර නළු නිළියන්ගේ සහ සිනමා ලෝලීන්ගේ ගෝලීය අවධානය මෙරටට ආකර්ෂණය කර ගැනීමයි.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT