Local

උගන්ඩා, ශීෂෙල්ස් සැගවූ ඩොලර් කදු ගෙනැත් ණයත් ගෙවා ජනතාවට සහන දෙන්න යෝජනාවක්..

Saturday, 26 October 2024 - 11:18 am

පසුගිය සහ පාලන සමයන්හි සොරකම් කර උගන්නාවේ හා ශීෂෙල්ස් දූපත්වල සඟවා ඇති බව පැවසූ ඩොලර් ප්‍රමාණය ඉක්මනින්ම මෙරටට ගෙන විත් ණය ගෙවා දමා ජනතාවට සහන සලස්වා ඔවුන්ගේ ජීවන බර ලිහිල් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

“අපි දන්නවා මේ රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරයෙක් බිහි කරන්නේ හැටනව ලක්ෂයක ජනවරමකුත් ඒ වගේම පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයකුත් දීලා. ලොකු බලාපොරොත්තු ඇතිව මේ රටේ වෙනසක් කළා 2019 – 2020 කියන කාලයේ. නමුත් මේ රටේ ඇතිවෙච්ච කොවිඩ් වසංගතය දීර්ඝ කාලයක් රට වසා තැබීම මත මේ රටේ ආදායම් ඉපයීම අහිමි වීමත් කියන කාරණා මත මේ රටේ ආර්ථිකය ඉතාම අපහසු තත්වයකට පත්වෙලා ඒ කාරණ මත තමයි ජනාධිපතිවරයාට සහ අපේ රජයට අතහරින තැනට කරුණු සිදු වුණේ.

නමුත් මේ ආර්ථිකය කඩාවැටීමට හේතුව රට වසා තැබීම සහ කොවිඩ් වසංගතයත් මත ඇති වෙච්ච ප්‍රතිපලය කියන කාරණයත්, ඊට කලින් යහපාලන රජය කාලයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතා විශාල ණය ප්‍රමාණයක් අරගෙන, ඒ ණය ප්‍රමාණය මත රටේ ආර්ථිකයට දැඩි බරක් කියන කාරණය වසන් කරලා දිගින් දිගටම ජනතාවට කිව්වේ මේ රාජපක්ෂවරු සහ අපේ ආණ්ඩුව ජනතාවගේ මුදල් හොරකම් කරලා සීශේල්ස් වලට යැව්වා, උගණ්ඩාවට යැව්වා කියලා. මේ රටේ තිබෙන විදේශ විනිමය විදේශ රටවලට යවලා ඒ මත මේ රටේ ආර්ථිකය කඩාවැට්ටුවා කියන කාරණය තමයි ජනතාවගේ මනසට ඇතුල් කළේ.

මේ තත්ත්වය යටතේ මේ රටේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම මතුරවපු හොරකම, වංචාව කාරණය ඉතා දැඩිව විශ්වාස කළා. ඒ නිසා තමයි පොහොට්ටුවට ඡන්දය දීපූ ජනතාව ඒ ජනතා විමුක්ති පෙරමුණ කිව්ව කතා විශ්වාස කරලා මේ වතාවෙත් බහුතරයක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ හිටපු මේ රටට ආදරය කරන, මේ රටේ ජාතිකත්වයට ගරු කරන ඒ ජනතාව තමයි පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ.

හැබැයි අපි මාලිවේ ඔබ සැමට කියන්න ඕන ඔබතුමන්ලා ජනතාවට කිව්වේ මේ රටේ සල්ලි හොරකම් කරලා, පිටරට යවලා මේ රට කඩාවැටුණා කියලා නම්, දැන් ජනතාව බලාගෙන සිටිනවා එය ඔප්පු කරන්කන්. ඒ නිසා කරුණාකරලා සීෂෙල්ස්වල නැතිනම් උගණ්ඩාවේ ඒ කිව්ව සල්ලි වහාම ලංකාවට ගෙනල්ලා මේ තිබෙන ණය ගෙවලා ජනතාවට සහන සලස්වන්න.”


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT