Local

සැපයුම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීමෙන් ඖෂධ මිල විශාල ලෙස පහළ දැමීමට හැකි වුණා - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති

Wednesday, 22 January 2025 - 8:42 pm

ඖෂධ සැපුයම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීම මගින් ඖෂධ මිල විශාල ලෙස පහළ දැමීමට හැකිවූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි පවසනවා.

ඒ අනුව පසුගිය කාලයේ ඇතැම් ඖෂධ සැපයීම සඳහා ලියාපදිංචි වී සිටියේ එක් සැපයුම්කරුවෙකු පමණක් වීම හේතුවෙන් වෙළෙඳපොළ ඒකාධිකාරීයක් පැවතීමෙන්, එම ඖෂධ ඉහළ මිලකට මිලදී ගැනීමට රජයට සිදු වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එක් සැපයුම්කරුවෙකු පමණක් සිටින ඖෂධ සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම කඩිනමින් සිදු කළ බවත්, ලියාපදිංචිය ඉල්ලා ඉදිරිපත් කර තිබූ ඖෂධ සැපයුම්කරුවන් 2800 ක පමණ ලිපිලේඛන පරීක්ෂාව කඩිනම් කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එම සියලු සැපයුම්කරුවන් සුදුසුකම් පරීක්ෂාවෙන් අනතුරුව ලබන මාර්තු මාසයට පෙර ඔවුන් ලියාපදිංචි කරන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT