Local

SJB ලොක්කෙක් අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්..

Tuesday, 05 November 2024 - 11:22 am

නකල්ස් පරිසර සංවේදි කලාපයේ හෝටලයක ඇති වූ ආරවුලකදී පරිසර වේදියකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ දඹුල්ල ආසන සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක නීතිඥ චම්පික විජේරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ලග්ගල පොලිසිය පවසයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේ ෂක දඹුල්ල ආසන සංවිධායකවරයාගේ හිතවතුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඊට අමතරව ඔහුගේ සහෝදරයකුද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කර ඇති බවත් පොලීසිය කියයි.

ලග්ගල පොලිස් බල ප්‍රදේශයට අයත් නකල්ස් වනපෙතේ සංචාරක හෝටලයක බදු පදනමක් සම්බන්ධයෙන් දෙපා ර්ශ්වය අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස්, එහි සේවය කළ නකල්ස් සංචාරක කවයේ ලේකම් නදිර වීරසිංහ මහතාට චම්පික විජේරත්න මහතා ඇතුළු පිරිසක් පහර දුන් බවට සඳහන් කරමින් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත්, පහර කෑමට ලක් වූ පුද්ගලයා ලග්ගල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කරයි.


Top Stories
wedivistara

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද සිට ආරම්භ වෙයි

wedivistara

හදිසි අන­තු­රු­ව­ලින් වස­ර­කට ලක්ෂ 10ක් රෝහ­ලට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරු කෙරේ

wedivistara

අවුරුදු 16 ක් පරණ ගුවන් යානයක් ගෙනල්ලා, රවුම් තුනක් ගියපු එකටත් උත්තර දෙන්න වේවි - නාමල්

wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT