වැඩ අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළව කරුණු සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව අද (25) යළි රැස්වීමට නියමිතව තිබෙනවා.
එම කමිටුව පසුගිය බදාදා දිනයේදී පළමුවරට රැස්වී ඇති බවයි සඳහන් වෙන්නේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් අදාළ කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල හා පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.