අනුර විදානගමගේ (කජ්ජා) හා ඔහුගේ දරු දෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අද (25) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාවේදී අත්අඩංගුවට පත් එම සැකකරු මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
කුලසිං ලියනගේ පේමාල් ඉන්දික නම් මෙම සැකකරු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.