Local

රිෂාඩ්ගේ පක්ෂයේ ජාතික සංවිධායකගේ සහායත් රනිල්ට -රිෂාඩ් සජබට සහාය දෙනවාට එකඟ නෑ

Monday, 26 August 2024 - 8:38 am

සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙවර ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළත් තමන් එම තීරණයට එකඟ නැතැයි එම කොංග්‍රසයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් මහතා පැවැසීය.

තමන්ගේ මෙම තීරණය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යූදීන් මහතාට දැනුම් දුන් බව ද ඔහු සඳහන් කරයි. මෙම තීරණය අලුත් දෙයක් නොවන බවත් තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කිරීමට පෙර මෙම දැනුම්දීම සිදුකර තිබූ බවත් ජාතික සංවිධායකවරයා කීහ. “මගේ ආධාරකරුවන් සීයට අනූපහක් මාස හයක් තිස්සේ කියනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න ඕන කියලා. එහෙම තියෙද්දි මම කොහොමද සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්නේ. අනික් එක අපි බලන්න ඕන ආර්ථික අර්බුදයට ලක්වෙලා තිබුණු වෙලාවේ තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම් යුගය නැති කරලා රට ගොඩ ගත්තේ කවුද කියලා. ඒ අර්බුදයට අපි ආයි යනවද කියන එක අපි බලන්න ඕන. සජිත්ට සහාය පළ කරලා සජිත් බලයට ආවොත් නැවත වෙන්නේ රට ආර්ථික වශයෙන් අරාජික වෙන එක විතරයි“ යැයි ජාතික සංවිධායකවරයා තවදුරටත් පැවැසීය.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT