Local

ජනාධිපතිට දෝෂාභියෝගයෙන් බේරෙන්න තව පැය 24ක් තියෙනවා..

Sunday, 20 October 2024 - 9:56 pm

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිතුමා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිලෙන වාර්තා දෙක හෙට දිනයේ ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (20) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී ම්‍යධ්‍ය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය නායකයා මෙසේ පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිතුමා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිලෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට මම ජනාධිපතිතුමාට ලබා දුන් කාලය හෙට උදෑසන 10න් අවසන් වෙනවා. හෙට උදේ දහය වනතුරු ජනාධිපතිතුමාට කාලය තියෙනවා මේ වාර්තා ප්‍රසිද්ධ කරලා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දුන් වගකීම ඉටු කරන්න සහ තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අවධානම මගහැරගන්න. හැබැයි ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය උල්ලංඝනය කරමින් හෙට උදෑසන වන විටත් මේ වාර්තා ප්‍රසිද්ධ කිරීම පැහැර හැරියොත් අනිවාර්යයෙන් මම ඒ වාර්තාව ප්‍රසිද්ධ කරනවා.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ඇමතිතුමා මේ සියල්ල දින තුනක් ඇතුළත මම ආණ්ඩුවට භාරදිය යුතුයි කියලා තර්ජනය කළා. ආණ්ඩුවේ නීති උපදේශක ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මැතිතුමා රාජ්‍ය රහස් පනත යටතේ මට දඬුවම් කළ හැකියි කියලා අනතුරු හඟවලා තියෙනවා.

මාලිමාවට වඩා රට පිළිගත් කීර්තිමත් ජනාධිපති නීතිඥවරු අපට සහාය දෙනවා. ඒ අය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ රාජ්‍ය රහස් පනත යටතේ මාව අත්අඩංගුවට ගැනීමට තිබෙන අවදානම ගැන අපි ගැඹුරින් අධ්‍යයනය කළා. 1955 අංක 32 දරණ රාජ්‍ය රහස් පනත අධ්‍යයනය කළාම එතුමන්ලා තර්ජනය කරන අයුරින්ම වසර දාහතරක් දක්වා සිරගත කිරීමේ අවදානමක් තිබෙන බව අපි පිළිගන්නවා. නමුත් ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් අපි ඒ අවදානම ගන්න සූදානම්. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාව සිටියදී පාස්කු වාර්තාව ප්‍රසිද්ධ කළ යුතු බව ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයට සිරිල් ගාමිණී පියතුමන් සම්පූර්ණ එකඟතාවය පළ කළා. දැන් වාර්තාව එළි දැක්වීම සම්බන්ධයෙන් බියට පත්වුණේ සමාජයේ ඇත්ත දැනගන්නවාට බය වෙලාද. මාලිමාවේ නායකයින් සමඟ එතුමන්ලාත් කතෝලික ජනතාව රැවටීමට ලක් කළාද කියන සාධාරණ සැකය මතු වෙනවා.

නමුත් සිරිල් ගාමිණී පියතුමනි මේ වාර්තා වල තියෙන ඇත්ත දැනගැනීමේ ඒකාධිකාරයක් ඔබතුමන්ලාට නැහැ.2019 අප්‍රේල් 21 පත්තු උන බෝම්බ අටෙන් දෙකයි කතෝලික පල්ලිවල පත්තු උනේ. තව බෝම්බ හයක් පත්තු උනා. ඒ දෙකෙනුත් කතෝලික නොවන අය ඉන්නවා. ඒ නිසා මෙය සමස්ත ජාතික ප්‍රශ්නයක් මිස ප්‍රසිද්ධ කළ යුතු යටපත් කළ යුතු වාර්තාව තීන්දු කරන්න ඔබට අයිතියක් නැති බව ගෞරවයෙන් සිහිපත් කරනවා.

ඒ නිසා මේ වාර්තා මාව අත්අඩංගුවට පත් වුණත්, මට හිතෙනවා ඒ අවධානම දැන් ඉවරයි කියලා මොකද මම දැනටමත් ප්‍රසිද්ධ කරලා ඉවරයි. මාව අත්අඩංගුවට පත් වුණත්, ඉම්රන් කාන් පකිස්තානයේ සිරගෙදර සිට ඒ අයි තාක්ෂණයෙන් මැතිවරණය මෙහෙය වූ ආකාරයට නවීන තාක්ෂණය භාවිතා කරමින් සිරගෙදර සිට මේ වාර්තා එළි දක්වන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා වාර්තාව හෙට ජනගත කිරීම කාටවත් නතර කරන්න බැහැ. ඕනෙනම් ජනගත කරන්නේ කවුද කියන එක තීරණය කරන්න ජනාධිපතිතුමාට අවස්ථාව තියෙනවා.

ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මේ වෙද්දි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සිරිල් ගාමිණි පියතුමා කියන්නේ මේක පරීක්ෂණවලට සහ ප්‍රතිඵලයක් ලැබෙන එක ටිකක් එහෙ මෙහෙ වෙයි කියලා ඔබතුමාගේ ප්‍රකාශයත් එක්ක

පිළිතුරු

මේ පිළිබඳ විශ්‍රාමික විනිසුරුවරුන් විමර්ශනයක කරන ලද වාර්තා එළිදැක්වීම පරීක්ෂණ වලට පහසුවක් මිස බාධාවක් වෙන්නේ කොහොමද? ඒ වගේම අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා ජනාධිපතිතුමා ප්‍රසිද්ධ නොකල මේ වාර්තාව මගේ අතේ වගේම සිරිල් ගාමිණී පියතුමාගේ අතෙත් තියෙනවදෝ කියලා නැත්නම් වාර්තාව ඇහැට දකින්නෙත් නැතුව මේ වාර්තාව එලියට පැමිණීම පරීක්ෂණවලට බාධාවක් වෙයි කියලා එතුමන් කියන එක මට නම් තේරෙන්නේ නෑ.


Top Stories
wedivistara

ගංජා කිලෝ 29ක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

wedivistara

ගව සොරකම් 13ක් සිදුකළ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

wedivistara

රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

wedivistara

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT