Local

දෙවන වාරිකය සඳහා අනුමැතිය ලබාදීමට IMF අධ්‍යක්ෂක මණ්ඩලය අද රැස්වෙයි

Tuesday, 12 December 2023 - 12:33 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය සඳහා අනුමැතිය සඳහා අද (12) එම යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම අද (12) පැවැත්වීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.

දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය සමත්ව ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය දෙවන වාරිකය ලබාදෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය හිමිවීම තුළින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණු රටක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT