Local

සජිත් - රනිල් කියන්නේ පරණ යාළුවෝ. යාළුකම් අමතක වෙන්නෑ - නවීන් දිසානායක

Thursday, 09 January 2025 - 8:11 am

මධ්‍යස්ථ දක්ෂිණාංශ බලවේග එක්විය යුතු බවට ජනතාවගේ ඉල්ලීමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පවසනවා.

ඒ සඳහා නිල මට්ටමේ සාකච්ඡා ආරම්භ වී නොමැති වුවත්, සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය නිල නොවන මට්ටමින් සාකච්ඡා පවත්වන බවයි අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව ඊළඟ පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වී එක ලාංඡනයක් යටතේ තරග කළහොත් ආණ්ඩුවට අභියෝගයක් ලබාදිය හැකි බවද ඔහු සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යනු පැරණි මිතුරන් බවත්, යාලුකම් එලෙසින් අමතක වන බවට තමන් නොසිතන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT