International

ඉන්දියාව පකිස්තානයට පහර දෙයි – ස්ථාන 09කට ප්‍රහාර

Friday, 09 May 2025 - 12:46 pm

ඉන්දීය සන්නද්ධ හමුදා පකිස්තානයේ සහ පකිස්තාන පාලනය යටතේ පවතින ජම්මු සහ කාශ්මීරයේ ස්ථාන 09කට පහර දී ඇතැයි වාර්තවේ.

ඒ අනුව ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ “සින්දූර් මෙහෙයුම” දියත් කළ බවයි.

පසුගිය අප්‍රේල් 22 වැනිදා සිවිල් වැසියන් 26 දෙනෙකු ඝාතනය කරන ලද පහල්ගම් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය සන්නද්ධ හමුදා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වේ.

කාශ්මීරයේ ත්‍රස්තවාදීන් වෙත එල්ල කළ නිරවද්‍ය ප්‍රහාර බව ඔවුන් පවසා ඇත.

ස්ථාන 9ක් ඉලක්ක කර ගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වේ.

කෙසේ නමුත් ස්ථාන තුනකට ප්‍රහාර එල්ල වී ඇති බව පාකිස්තාන හමුදාව සදහන් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. ළමුන් දෙදෙනෙකු ඇතුළු හත් දෙනෙකු මිය ගොස් ඇති බව එහි සඳහන් වේ.

සිය හමුදා තීරණය කරන ලද නිසි වේලාවකදී ඊට ප්‍රතිප්‍රහාර දක්වන බව පාකිස්තානය පවසා ඇතැයි ද වාර්තාවේ.


Top Stories
wedivistara

0.55% කින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි

wedivistara

රාගම බටුවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

තෝරු, මෝරු, නිල් තල්මස්සු වගේ අය තමා අපි අත්අඩංගුවට ගන්නේ - බිමල් රත්නායක

wedivistara

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT