Local

අද කාලගුණ නිවේදනය

Friday, 17 May 2024 - 8:03 am

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල දහවල් 12.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Top Stories
wedivistara

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ වාහන දුම් පරීක්ෂා කිරීම සම්බන්ධ වැටලීම් අද සිට

wedivistara

අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීට නොතීසි

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නව ඡන්ද දායකයින් 155,976 දෙනෙකු සුදුසුකම් ලබයි

wedivistara

පාසල් නිවාඩුවට සහ ශ්‍රී පාද වන්දනාවට විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

wedivistara

ශ්‍රේණිගත වෛද්‍ය ස්ථාන මාරු අයැදුම් කාලය දීර්ඝ කරයි

Trending
wedivistara

අපේ වගේ නෙමෙයි, Al Jazeera පැය දෙකක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ හොද කරුණු නෑ. - රනිල් මාධ්‍යයට කියයි

wedivistara

සෞඛ්‍ය ඇමති සමඟ සාකච්ඡාවෙන් පසු වර්ජනය තාවකාලිකව අත්හිටුවන ලදී.

wedivistara

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

දේශබන්දු පිළිබඳ තොරතුරක් ඇතොත් CID වෙත දැනුම්දෙන්​න - පොලීසිය

wedivistara

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය කල් දමයි


NEWS ALERT