International

චීන-අප්‍රිකා සබඳතාව, ජාත්‍යන්තර සබඳතාවේ නව ආකාරයේ ආදර්ශයක් -චීන ජනපති

Friday, 06 September 2024 - 12:34 pm

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, චීන අප්‍රිකා සහයෝගතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට සහභාගී වී තිබෙනවා.

එම උළෙල අද (5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්වුණු අතර ‘අත්වැල්‍ බැඳ ගෙන නවීකරණය ඉදිරියට ගෙන යමින් පොදු ඉරණමක් සහිත ප්‍රජාව එක්ව ගොඩනැගීම’යන මැයෙන් චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රධාන දේශනය සිදුකළා.

2000 වසරේදී චීන අප්‍රිකා සහයෝගතා සංසදය පිහිටුවන ලද බව එහිදී ප්‍රකාශ කළ ෂී ජින් පිං මහතා, ගෙවුණු වසර 24 තුළ, චීනය සහ අප්‍රිකාව අත්වැල් බැඳගෙන එකිනෙකාගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථීර ලෙස ආරක්ෂා කරමින් සිටි බව පෙන්වාදුන්නා.

ආර්ථික ගෝලීයකරණය මධ්‍යයේ දෙපාර්ශ්වය ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් සිටින අතර ඵලදායි ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් චීන සහ අප්‍රිකා ජනතාවට හිමිවී ඇති බව චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම දැවැන්ත ව්‍යසන සහ වසංගත හමුවේ පවා දෙපාර්ශ්වය එක්ව රැඳීසිටි අතර චීන-අප්‍රිකානු මිත්‍රත්වය පිළිබඳ සංවේදී කතා රැසක් එහිදී නිර්මාණය වී ඇති බව සඳහන්.

චීනය සහ අප්‍රිකාව මුල සිටම අන්‍යේන්‍ය අවබෝධය සහිතව එකිනෙකාට සහාය දෙන අතර ජාත්‍යන්තර සබඳතාව සඳහා නව ආකාරයේ ආදර්ශයක් බිහිකර ඇති බව ෂී ජින් පිං මහතා අවධාරණය කර තිබෙනවා.

චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන සියලු අප්‍රිකානු රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා උපායමාර්ගික සබඳතා මට්ටමට ඉහළ නංවන බව ෂී ජින් පිං මහතා සිය ප්‍රධාන දේශනයේදී ප්‍රකාශ කළ අතර චීන-අප්‍රිකා සබඳතා සමස්තයක් වශයෙන් නව යුගයේ සර්ව කාලීන පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා ප්‍රජාවක් බවට පත් කරන බවටයි සඳහන් කර ඇත්තේ.

මීට අමතරව චීනය හා අප්‍රිකාව අංග හයකින් සමන්විත නවීකරණය එක්සත්ව ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දී තිබෙනවා.

සාධාරණ මෙන්ම යුක්ති සහගත බව, විවෘතභාවය හා පොදු ජයග්‍රහණ සහිත වීම, ජනතා කේන්ද්‍රීයභාවය, විවිධත්වය මෙන් වෙනස්කම් පිළිගැනීම, ජෛව පාරිසරික හිතකරභාවය සහ සාමය හා සුරක්ෂිතතාව එම නවීකරණයේ ප්‍රධාන අංග වන අතර නවීකරණ ශිෂ්ටාචාර පිළිබඳ අන්‍යෝන්‍ය අධ්‍යයන, සමෘද්ධිමත් වෙළඳාම, කර්මාන්ත දාම සහයෝගිතාව, අන්‍යෝන්‍ය සබඳතා හා සන්නිවේදන කටයුතු ඇතුළු ක්ෂේත්‍ර 10 ක් හවුල්කාරී මෙහෙයුම් ලෙස ක්‍රියාවට නැංවිය යුතු බ ද චීන ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.

වර්ධන සහයෝගිතාව, සෞඛ්‍ය සේවාව, කෘෂිකර්මාන්තයේ වර්ධනය, ජනතා සුබසෙත සැලසීම, උසස් තත්ත්වයේ මානව හුවමාරු, හරිත සංවර්ධනය සහ ඒකාබද්ධ ආරක්ෂාව තහවුරු කිරීම මීට ඇතුළත් සෙසු ක්ෂේත්‍ර වනවා.

ඉදිරි වසර 3 තුළ මෙම හවුල්කාරී මෙහෙයුම් 10 අප්‍රිකාව සමග එක්ව ප්‍රවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාව බවයි ෂී ජින් පිං මහතා එහිදී ‍ප්‍රකාශ කර ඇත්තේ.

නවීකරණ සංවර්ධන අවස්ථාව කිසිදු රටකට අහිමි නොවිය යුතු බව සිය ප්‍රධාන දේශනයේදී අවධාරණය කළ චීන ජනපති, නවීකරණ ගමනේදී බිලියන 2.8ක චීන-අප්‍රිකානු ජනතා බලය එක්රැස් කර ගෝලීය දකුණු කලාපයේ නවීකරණය ප්‍රවර්ධනය කරමින් සාමය, ආරක්ෂාව, සමෘද්ධිය හා ප්‍රගතිය සහිත සුන්දර අනාගතයක් කරා ලෝකය එක්ව මෙහෙයවිය යුතු බවද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


Top Stories
wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට

wedivistara

රුපියල් කෝටි 02 ක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT