Business

ජනාධිපති අපනයන සම්මාන 2023/24 සඳහා අයදුම්පත් කැඳවයි

Thursday, 01 August 2024 - 9:07 pm

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) 2023/24 මූල්‍ය වර්ෂය උදෙසා වන ජනාධිපති අපනයන සම්මාන (PEA) සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2024 නොවැම්බර් මාසයේදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය.

ජනාධිපති අපනයන සම්මාන යනු, අපනයන ක්ෂේත්‍රයට සහ රටේ ආර්ථික සංවර්ධනයට දක්වන විශිෂ්ට දායකත්වය වෙනුවෙන්, අපනයනකරුවන් ඇගයීම සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් පිරිනමන ඉහළම සහ කීර්තිමත්ම සම්මානයයි.

2023/24 මූල්‍ය වර්ෂ සඳහා රටේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා මෙවර සම්මාන උළෙල පැවැත්වේ. සමස්ත සම්මාන 14ක් සහ නිෂ්පාදන සහ සේවා අංශයේ සම්මාන 51ක් සමඟින් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන පිරිනැමේ. තවද, අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මත විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම් ලත් අංශ සඳහා කුසලතා සම්මාන ද ප්‍රදානය කෙරේ. සම්මාන සඳහා තේරීම් සිදු කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසිනි.

ජනාධිපති අපනයන සම්මාන සඳහා වෙන් කර ඇති https://pea.edb.gov.lk/ වෙබ් අඩවිය භාවිතයෙන් 2024 අගෝස්තු 15 දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. මාර්ගගත අයදුම්පත්‍රයට අමතරව, අපනයනකරුවන්ට සම්මාන කාණ්ඩ, මාර්ගෝපදේශ, ඇගයීම් නිර්ණායක, අයදුම්පත පිරවීම සඳහා උපදෙස් වැනි වැඩසටහනට අදාළ සියලුම තොරතුරු මෙම ද්වාරය හරහා ලබා ගත හැකිය.

මේ සදහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට වැඩිදුර තොරතුරු  ලබාගැනීම සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ සෞම්‍යා කන්නන්ගර මහත්මිය හෝ සහකාර අධ්‍යක්ෂ මනුකා පෙරේරා මහත්මිය ඇමතිය හැකිය: 0112300721/0112300705-711(Ext 253 හෝ 267) විද්‍යුත් තැපෑල: awards@edb.gov.lk, saumya@edb .gov.lk, manuka@edb.gov.lk.


Top Stories
wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට

wedivistara

රුපියල් කෝටි 02 ක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT