රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන ඇප පෙත්සම ජනවාරි මස 04 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි ඉදිරියේ මෙම නඩුව අද (20) කැඳවීමෙන් අනතුරුව අදාළ නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.