Local

ජාත්‍යන්තර ආබාධිත දිනය වෙනුවෙන් මෙවර සංචාරක වැඩසටහනක්

Saturday, 18 November 2023 - 5:07 pm

දෙසැම්බර් 03 වනදාට යෙදෙනෙ ජාත්‍යන්තර ආබාධිත දිනය වෙනුවෙන් මෙවර Empo 23 නමින් ජාත්‍යන්තර ප්‍රජාවටත් ආරාධනය කරමින් විශේෂ සංචාරක වැඩසටහනක් අරඹන බව ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ  බව පැවසුවේ , (17) රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අබාධ සහිත පුද්ගලයින් සදහා වන ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම මාධ්‍ය  සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

දෙසැම්බර් 03 වනදා කොටුවේ සිට නුවර දක්වා නගරාන්තර දුම්රියකින් ආබාධිත ප්‍රජාවත් සමග ගමන් කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා ඉන් පසු වන්දනාමාන කරගැනීම සඳහා දළදා මාළිගාවට ගමන්කරන බවද ඉන් අනතුරුව සවස 02ට පේරාදෙණිය උද්භිත උද්‍යානයට ගමන් කරන බවද පැවසුවේය.

එම ස්ථානයේදී නැටුම් ගැයුම් වැයුම් සහිතව ආබාධිත ප්‍රජාවගේ විනෝදාස්වාදය සඳහා කටයුතු කරන අතර මුළු රටේම සිටින ආබාධිත ප්‍රජාවටසියලු දෙනාටම එම ස්ථානයට පැමිණෙන ලෙස ආරාධනා කරන බවද සඳහන් කළේය.

 කොළඹ සිට නුවර දක්වා දුම්රියෙන් යාමේදී ප්‍රවේශය ඉතා වැදගත් බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා දුම්රියට ඇතුලත් වීම සදහා සෑම දුම්රිය ස්ථානයකම ආබාධිත ප්‍රජාවට එම පහසුකම නොමැති බව පෙන්වාදෙමින් වෙනත් රටවල එම පහසුකම් ඇතැයිද ලංකාවේ  සෑම ස්ථානයකම එම පහසුකම් නැති වුවද එය පුළුල් කළ යුතු බවද කපැවසුවේය.

ආබාධිත ප්‍රජාව වෙනුවෙන් එම පහසුකම් සැලසීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සහ ප්‍රවාහන අමාත්‍යංශයට ස්තුතිය පුදකළ රාජ්‍ය අමාත්‍යවරයා 8%ක් වන ආබාධිත ප්‍රජාවට බස්වල මෙන්ම දුම්රියේ ගමන් කිරීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබිදීම පිළිබද මුළු රටෙහිම අවධානය යොමු කිරීම මෙම වැඩසටහනේ එක් අරමුණක් බවද පඅවධාරණය කළේය.

දේශීය ආබාධිත ප්‍රජාව යනු දුප්පත් ජනතාවක් නොවන බව පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා වැඩිදුරටත් පැවසුවේ ඔවුන් අධ්‍යාපනය ලබා රැකියා කරන සාමාන්‍ය ජනතාවගේම කොටසක් බවයි.

ඔවුන්ට ස්ව ශක්තියෙන් යුතුව කටයුතු කිරීමට නම් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු බවද එනම් ප්‍රවාහනය ආදී කටයුතු වලදී ආබාධිත ප්‍රජාවට පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව ලබාදිය යුතු බවද ඒ සදහා ප්‍රතිපාදන වෙන්විය යුතු යැයිද සදහන් කළේය.

ගුවන්තොටුපොළ, දළදා මාළිගාව ආදියෙහි එම ප්‍රවේශ වීමේ පහසුකම් සැලසීමේ වැදගත්කමද ඉස්මත් කළේය. මෙවර ජාත්‍යන්තර ආබාධිත දිනයෙහි තේමාව ආබාධිත ප්‍රජාව සමග ධරණීය සංවර්ධනයට ප්‍රවේශ වීම යැයිද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ආබාධ සහිත පුද්ගලයන්ගේ ඒකාබද්ධ පෙරමුණේ සභාපති රසාංජලී පතිරගේ මහත්මිය සහ ආබාධ සහිත පුද්ගලයන් සදහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ අරුණ වැලිගල්ල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.


Top Stories
wedivistara

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල් දින 03 ක් වැසෙයි

wedivistara

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

wedivistara

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

wedivistara

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

wedivistara

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT