Tech

Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි

Thursday, 19 June 2025 - 10:36 am

Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව Starlink සේවා ලබා ගැනීම සඳහා ආරම්භක පරිශීලකයින් 12 දෙනෙකු තෝරාගෙන ඇති බවත්, මෙම සතියේ ඔවුන්ට උපකරණ දැනටමත් බෙදා හැර ඇති බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් (විශ්‍රාමික) එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් සඳහන් කළේ.

එසේම උපකරණ කට්ටල 112 ක් රට තුළට ආනයනය කර ඇති බවත් සේවා ගුණාත්මකභාවය සහ ජාතික ආරක්ෂක අනුකූලතාව සහතික කිරීම සඳහා TRCSL සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සතියක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කරන බවත් එම කාලසීමාවෙන් පසු Starlink නිල වශයෙන් මෙහෙයුම් සිදුකරන බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාව සඳහා Residential පැකේජයේ මිල මසකට රු. 15,000 ක් වන අතර, අවශ්‍ය උපකරණ සඳහා රු. 118,000 ක මුදලක් දැරීමට සිදුවනවා. එමෙන්ම මෙම පැකේජය සඳහා Unlimited Data පහසුකම හිමිවනවා.


Top Stories
wedivistara

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

wedivistara

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

wedivistara

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

wedivistara

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

රන් මිල පහළට


NEWS ALERT