Entertainment

Miss World තරගාවලිය නියෝජනය කරන අනුදිට සහාය දැක්වීමට ඔබට අවස්ථාවක්

Sunday, 18 May 2025 - 1:07 pm

මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Miss World තරගාවලිය සඳහා ඉදිරිපත්වී සිටින අනුදි ගුණසේකරට සහාය පළ කිරීම සඳහා ජනතාවට මේ වන විට අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ අනුව Miss World ජංගම දුරකථන යෙදවුම හරහා Multimedia Challenge සහ Peoples' Choice යන තරගවලට ඇයට සහාය පළ කළ හැකි බවත් ඇයගේ Profile එකෙන් ලැබෙන Engagement හරහා ඇයගේ Miss World තරගාවලියට ලකුණු ලැබෙන බවත් Miss World Sri Lanka සහ Miss World Channel යන දෙකෙන්ම ඇයට ලකුණු ලැබෙන නිසා එම දෙකෙන්ම වෙන වෙනම ඇයව ඉහළට ගෙන යා යුතු වන බවයි වාර්තා වන්නේ.

මේ සඳහා ඔබ Play Store හෝ App Store හරහා Miss World App එක Download කරගත යුතු අතර අනතුරුව අදාළ App එක තුළ ඔබ ගිණුමක් නිර්මාණය කර ගැනීම සිදු කළ යුතු වනවා.  

ඔබ App එකට Log වීමෙන් අනතුරුව Countries List යටතේ Sri Lanka ලෙස තෝරා Miss World Sri Lanka Community එක සඳහා සම්බන්ධ වියයුතු අතර ඒ යටතේ  Anudi Gunasekaraගේ Profile එක Follow කළ යුතුයි.

එලෙස ඔබ Follow කිරීමෙන් අනතුරුව Miss World Sri Lanka සහ Miss World ලෙස Channels දෙකක් ඇති ඇති අතර එම Channels දෙකෙහි අනුදි ගුණසේකර විසින් වෙන වෙනම පළකරන Post සඳහා Like, Comment එකතු කර Engage විය යුතුයි.

Miss World Sri Lanka පිටුවට විශාල පිරිසක් සම්බන්ධ වුවද Miss World Channel එක තුළ අනුදිව ඉදිරියට ගැනීම සඳහා සහයෝගය ‍ලබාදෙන ලෙසයි ඇය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

එසේම Miss World තරගාවලියේ  Peoples' Choice වටය ඉදිරියේදී ආරම්භවීමට නියමිත අතර App එකේ Engagement සළකා බලන Multimedia Challenge එකද ඉදිරි‍යේදී පැමිණීමට නියමිතයි. 

එම අදියර අනුදිට ජයග්‍රහණය කිරීමට හැකි වුවහොත් අවසන් 40 දෙනාගේ වටයට පිවිසීමට ඇයට අවස්ථාව ලැබෙන බවයි වාර්තා වන්නේ


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT